KDKTEC OS POS විකුණුම් පද්ධති හදුන්වාදීමේ වීඩියෝව
රුපියල් 20,000 ට POS සිස්ටම් එකක් | POS System Only for LKR 20,000
KDKTEC OSPOS යනු ලොව මිලියන ගණනක් ව්‍යාපාර කරුවන් ඔවුන්ගේ වෙළඳ ආයනයේ කාර්යන් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව පරිගණක තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන ජාතියන්තර විවෘත කේත මෘදුකාංගයක් වන Open Source Point of Sale (OSPOS) මෘදුකාංගයෙහි සිංහල භාවිත යෙදුමයි. මෙම වටිනා ජාතියන්තර POS මෘදුකාංගය ශ්‍රී ලංකාවේ සිටින ව්යාපාරිකයන්හහට ඉතා පහසුවෙන් භාවිතා කිරීම පිණිස KDKTEC ආයතනය, මෙම මෘදුකාංගය අප රටට අඳාළ සැකසීම් වලට අනුව යාවත්කාලීන කර, ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන වෙත ලබා දෙයි. මේ සඳහා KDKTEC ආයතනය එක් වරක් පමණක් රු 20,000 ක මුදලක් අය කරන අතර මෙසේ ලබා ගන්නා මුදලට සරිලන ලෙස පද්ධතිය ස්ථාපිත කිරීමේ සිට ඔබට අවශ්‍ය සියළුම සහය සේවයන් KDKTEC ආයනය මඟින් ඔවුන්ගේ පාරිභෝගික ව්‍යාපාර ආයතන වෙත මැනැවින් ලබා දෙනු ලබයි.
KDKTEC Open Source Point of Sale System හෙවත් "KDKTEC OS POS" විකුණුම් පද්ධතිය, ලොව ඕනෑම වෙබ් බ්‍රවුසර් මෘදුකාංගයක් (Google Chrome, Mozilla Fire Fox, Microsoft Edge, Opera, Etc...) සහිත උපකරණයක ඉතා සාර්ථකව පහසුවෙන් කියාත්මක කළ හැකි අඟනා විකුණුම් පද්ධතියකි.
මෙම විකුණුම් පද්ධතිය අන්තර්ජාලය රහිතව හෙවත් Offline ක්‍රමයට හෝ අන්තර්ජාලය සහිතව එනම් Online ක්‍රමයට ඔබට ඔබේ පරිගණකය හෝ ස්මාට් ජංගම උපකරණය මඟින් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය.
මෙම විකුණුම් පද්ධතිය, ලොව ඕනෑම අයෙකුට ඉතා සරලව තේරුම්ගත හැකිවන ආකාරයටත්, ඉතා පහසුවෙන්, සරලව භාවිතයට හුරුවිය හැකි ආකාරයටත්, ජාතියන්තර සම්මතයන්ට අනුව සංවර්ධනය කර තිබීම හේතුවෙන්, අද වන විට ලොව සෑම දෙසම සිටින මිලියන හතරකටත් අධීක ව්‍යපාරිකයන් පිරිසක් මේ වන විටත් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙම විකිණුම් පද්ධතිය භාවිතා කරයි.
මෙම මෘදුකාංගය සංවර්ධනය හා යාවත්කාලීන කරනු ලබන්නේ මා ද ඇතුළුව පුරා වෙසෙන පරිගණක ක්‍රමලේඛකයන් පිරිසක් විසින් වන අතර අප දිනෙන් දින අළුත්වන තාක්ෂණයන්ට අනුව මෙන්ම, දිනෙන් දින පැන නඟින අවශ්‍යතාවන්ට අනුව මෙම මදුකාංග පද්ධතිය නොමිලේම යාවත්කාලීන කරනු ලබයි.
මෙම මෘදුකාංගය සංවර්ධනය කිරීම සඳහා අප නවතම PHP පරිගණක ක්‍රමලේඛන භාශාව භාවිතා කරන අතරම, දත්ත සංචිත තබා ගැනීම සඳහා ලොව බොහෝ සෙයින් ජනප්‍රිය MySQL දත්ත සංචිත පද්ධතිය භාවිතා කරයි.
මෙම විකුණුම් පද්ධතිය Windows,
Linux හෝ
MacOS යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයක ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන අතර ඒ සඳහා අප නවතම Apache වෙබ් සවර් මෘදුකාංගය භාවිතා කරනු ලබයි.
මෙම පද්ධතිය භාවිත කිරීම පිළිබඳ නවතම වැඩිදුර විස්තර විඩියෝ හා තොරතුරු ලිපි මඟින් ඔබ හට ලබා දීමට දිනෙන් දින අළුත්වන ඔන්ලයින් භාවිත අත්පොතක් අප විසින් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමට https://osposguide.kdktec.net යන වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
KDKTEC OS POS විකුණුම් පද්ධතියෙන් ඔබට ලබා දෙන පහසුකම් - 3.3.2 සංස්කරණය
Stock Management (Items and Kits) ආයිත්තම් හා ආයිත්තම් කට්ටල භාවිතයෙන් තොග කළමනාකරණය |
VAT, Customer and Multi Tiers Taxation ව්‍යාපාරයට අඳාල සියළුම බදු තොරතුරු තබා ගැනීම |
Sale Register & Transactions Logging විකිණීම් හා සියළුම භාණ්ඩ හුවමාරු තොරතුරු තබා ගැනීම |
Quotation and Invoicing මිල කැදව්ම් හා ඉන්වොයිස |
Expenses Logging සේවක වැටුප් හා වෙනත් වියදම් |
Receipt, Quotation and Invoice Printing, Emailing and via SMS ලදුපත්, බිල්පත්, මිල කැදව්ම් හා ඉන්වොයිස මුද්‍රණය හා ඉමේල් හෝ SMS කිරීමේ පහසුකම් |
Barcode Generation and Printing බාර් කෝඩ් නිර්මාණය හා මුද්‍රණය |
Suppliers and Customers Database සැපයුම්කාර හා පාරිභෝගික දත්ත සංචිතය |
Multiuser with Permission Control එකවර ඕනෑතරම් අයට ප්‍රවේශ පාලනයන් සහිතව භාවිතය |
Reporting on Sales, Expenses, and Inventory ව්‍යාපාරයන්ට අවශ්‍ය සියළුම වාර්තා |
Goods Receiving Notes භාණ්ඩ ලැබීම් සටහන් |
Gift card ත්‍යාග පත්‍ර |
Rewards System & Loyalty Programs පාරිභෙෘ්ගික ත්‍යාග හා සාමාජිකත්ව වට්ටම් පද්ධතිය |
Restaurant Tables & Delivery Orders රෙස්ටූරන්ට් සඳහා මේස අනුව හා රැගෙනයාමට අණවුම් ගැනීම |
SMS Messaging SMS පණිවිඩ යැවීමේ පද්ධතිය |
Multi-language English හා සිංහල භාශා වලින් |
Selectable Boostrap based UI Theme භාවිත උපකරණය ඇනුව වෙනස්වන ආකර්ෂනීය අතුරුමුහුනත |
Mailchimp Integration ඉ-මේල් ප්‍රවර්ධන පද්ධති සමග සම්බන්ධතාව |
reCAPTCHA to Protect Login Page පද්ධති ප්‍රවේශයට උපරිම ආරක්ෂාව |
GDPR Ready ජාතියන්තර සම්මතයන්ට ඇනුව සකසා තිබීම |
24 X 7 X 365 Support Service පැය 24 පුරාම අවුරුද්දේ සෑම දවසකම ලබාදෙන සහය සේවය |
නිතරම අහන ගැටළු හා ඒවාට පිළිතුරු |
||
1. මෙම විකුණුම් පද්ධතිය ඔබගේ පරිගණකයට ස්ථාපිත කරගන්නේ කෙසේද? මුලින්ම ඔබ Demo විකිණුම් පද්ධතිය භාවිතා කර අපගේ මෙම මෘදුකාංගය පිළිබඳව සෑහීමකට පත්විය යුතුයි. ඉන් පසුව 070 204 2691 දුරකථන අංකය ඔස්සේ අපව අමතා ඔබගේ පරිගණකය මෙම විකිණුම් පද්ධතිය ස්ථාපිත කර ගැනීමට සුදුසු දැයි පරීක්ෂා කරගත යුතුයි. මේ සඳහා ඔබ දුරස්ථ පරීගණක පාලන මෘදුකාංගයක් වන Team Viewer මෘදුකාංගය ඔබගේ පරිගණකයට භාගත කරගෙන එය ස්ථාපිත කර ගත යුතුයි. ඉන්පසුව එම මෘදුකාංගය මඟින් ඔබ පරිගණකයට ලැබෙන Your ID හා Password එක අප හට SMS කල යුතුයි. සියල්ල නිසි ලෙස තිබේ නම් මුදල් ගෙවීම සඳහා අප ඔබට අවශ්‍ය පහසුම ක්‍රමයකට උපදෙස් ලබා දෙන අතර, මුදල් ගෙවා විනාඩි 30ක් ඇතුලත අප Team Viewer මෘදුකාංගය ඔස්සේ ඔබ පරිගණකයට ඇතුළු වී මෙම අගනා විකුණුම් පද්ධතිය Offline හෝ Online ක්‍රමයට භාවිතය සඳහා ස්ථාපිත කර දෙන්නෙමු. 2. මෙම විකිණුම් පද්ධතිය ස්ථාපිත කර ගැනීම සඳහා ඔබ පරිගණකයේ තිබිය යුතු ගූනාංග මොනවාද?
මෙම විකුණුම් පද්ධතිය නිසිආකාරව ක්‍රියාත්මක කර ගැනීමට අත්‍යාවශ්‍ය නොවන එහෙත් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන POS Terminal Printers, Barcode Scanners, Barcode Printers, Cash Drawers, Customer Displays හා UPS වැනි උපකරණ ඔබට අවශ්‍ය නම් අප ආයතනයේම Online Shop වෙත පිවිසීමෙන් හෝ වෙනත් ඕනෑම ආයතනයක් හරහා මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියළුම උපදෙස් අප ඔබට ලබා දෙන අතරම, අප නිරන්තරයෙන් යෝජනා කරනුු ලබන්නේ, ඉහත සඳහන් උපකරණ සඳහා නිරන්තර නඩත්තු කටයුතු අවශ්‍ය වන හෙයින් එම උපකරණ මිලදී ගැනීමටත්, අවශ්‍ය නඩත්තු කටයුතු ඉතා ඉක්මණින් පහසුවෙන් ලබා ගත හැකි, ඔබ හොඳින් හදුනණ, ඔබට වඩා ලග ස්ථානයක ඇති ආයයතනයකින් ඉහත සඳහන් උපකරණ අවශ්‍ය නම් පමණක් මිලදී ගන්නා ලෙසයි. 3. මෘදුකාංගය ස්ථාපිත කර ගැනීම, පුහුණුව ලබා ගැනීම හා සහය සේවය සඳහා ඔබට වැයවන මුදල කොපමණද? Offline ක්‍රමයට භාවිතය සඳහා නම් මෘදුකාංගය ස්ථාපිත කර ගැනීම සඳහා නම් එක්වරක් පමණක් ගෙවිය යුතු මදල රු 20,000ක් පමණක් වන අතර, Online ක්‍රමයට භාවිතය සඳහා නම් ඉහත කිිිියූ එක්වරක් පමණක් ගෙවිය යුතු මදල රු 20,000ට අමතරව වාර්ෂීකව ඔබට ලබා දෙන වෙබ් ලිපිනය හා වෙබ් හෝස්ටින් සේවාවන් සඳහා රු 7,500ක මුදලක් ගෙවීමට සිදුවේ. ඔබ ඉහත සඳහන් කළ කුමන ආකාරයට මෙම විකුණුම් පද්ධතිය ස්ථාපිත කර ගත්තද, මෘදුකාංගය ස්ථාපිත දිනයේ සිට වර්ෂයක කාලයක් මෘදුකාංගය සඳහා වන සහය සේවය හා නඩත්තු කටයුතු අප ආයතනය විසින් නොමිලේ ලබා දෙන අතර දෙවන වසරේ සිට අවශ්‍ය නම් පමණක්, අපගේ සහය සේවය හා මෘදුකාංගය සම්බන්ධ නඩත්තු කටයුතු කිරීම් සඳහා වර්ෂයකට රු 7500ක මුදලක් ගෙවීය යුතු වන බව කරුණාවෙන් සළකන්න. 4. SMS යැවීමේ පහසුකම් ලබා ගන්නේ නම්අ, ඒ සඳහා ගෙවිය යුතු මුදල කොපමණද? ඔබගේ ව්‍යාපාර නාමයෙන්ම SMS පිණිවිඩ යැවීම සඳහා අවශ්‍ය SMS යැවීම් ගිණූම සැකසීමට එක් වරක් පමණක් ගෙවිය යුතු මුදල රු 5000ක් වන අතර ඔබගේ ව්‍යාපාර නාමයෙන් යුතු Sender ID එක සඳහා එක් වරක් පමණක් ගෙවිය යුතු මුදල රු 1500ක් අයවේ. මීට අමතරව ඔබ යවනු ලබන සෑම SMS පණිවිඩක් සඳහාම රජයේ බදු ඇතුලත්ව රු 1.75ක් අය වන අතර ඒ සඳහා අවශ්‍ය SMS Credit ඔබ පෙර ගෙවුම් ක්‍රමයට අප ආයතනයෙන් ලබා ගත යුතු වේ. ඒ අනුව SMS Credits 1000ක් රු 1750ක් වන අතර මාසිකව අය කිරීමක් නොමැත. |
||
පාරිභෝගික සමාලෝචන | Customer Reviews |
||
![]() |
![]() |
![]() |
D W Suranga Buddika Dodamwala at J.A. Global Holdings (Pvt) Ltd | Mr. Suneth at Suneth Enterprises | D C P Jayathunga at GIP Communication and Book Shop |
අප ආයතනය KDKTEC ආයතනයෙන් මිලදී ගත් OS POS විකුණුම් පද්ධතිය හා ඔන්ලයින් වෙළදාම් කටයුතු කිරීම සඳහා භාවිතා කරන OpenCart e-Commerce වෙබ් අඩවිය ඉතා සාර්ථකව හා පහසුුුුුවෙන් භාවිතා කරන අතර KDKTEC ආයතනයෙන් ලබා දෙන මනා සහය සේවය ඉතා අගය කොට සළකමි. | අප ආයතනය, වාහන අලවිය හා තොග භාණ්ඩ අලවි නියෝජිත අංශයෙන් කටයුතු කරන අතර, KDKTEC ආයතනයෙන් මිලදී ගත් OS POS විකුණුම් පද්ධතිය හා OpenCart ඔන්ලයින් වෙළඳාම් කටයුතු සිදු කරන වෙබ් අඩවිය පිළිබඳවත්, KDKTEC ආයතනයෙන් ලබා දෙන අවම මිල හා මනා සේවය ඉතා අගය කොට සළකමි. | මාගේ ආයතනයේ මේ වන විට KDKTEC OS POS මෘදුකාංගයේ 3.3.2 වෙනි සංස්කරණය භාවිතා කරන අතර මේ වන විට එමඟින් සාර්ථකව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනු ලබයි. මේ සම්බන්ධයෙන් KDKTEC ආයතනය බලා දෙන නොමද සහය සේවය අප ඉතා අගය කොට සලකමි. |
Mobile: 0777528093, Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it., Website: www.a2zsales.lk | Mobile: 0777383285, Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. Website: www.sunethenterprises.com | Mobile: 0777235906 Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. Website: www.gipcommunications.com |
ඇතුළු දිනෙන් දින අළුත් වන සේවා රැසක්ම දැන් ඔබේ අතට, මේ ඔක්කොම රු 20,000 ට ? අදහන්නත් බෑ නේද?, මිලදී ගන්න කලින් ට්‍රයි කරලා බලන්නත් පුළුවන්! |
||
Link: https://pos.kdktec.net |
User Name: owner |
Password: Owner@kdktecospos |
වැදගත් නිවේදනයක්: හිතවත් පාරිභෝගිකය, Demo පද්ධතිය ඔබට හට ලබා දී ඇත්තේ මෙම පද්ධතිය මිලදී ගැනීමට ප්‍රථම මෙම විකුණුම් පද්ධතිය පිළිබඳ මනා අවබෝදයක් ලබා දීම සඳහා වන අතර, මෙම Demo පද්ධතියේ පවතින දත්ත මකා දැමීමෙන් වළකී සිටීමට කාරුණික වන්න. | ||
මිල ගණන් | Price DetailsOffline Installation = Rs 20,000 (One time payment) >> Order Now Online Installation = Rs 20,000 (One time payment) + Rs 7500/Year (Annual Fee for Domain and Hosting) >> Order Now Optional KDKTEC Help Assistants Fee after first year = Rs 7500/Year >> Order Now |
||
Promotional OffersKDKTEC OS POS විකුණුම් පද්ධතිය සමඟින් ඔබ අපගේ ඔන්ලයින් වෙළදාම් කටයුතු කිරීම සඳහා භාවිතා කරන OpenCart e-Commerce වෙබ් අඩවියක් ද නිර්මාණය කර ගන්නේ නම් ඒ සඳහා ඔබට වැය වන්නේ තවත් රු 10,000ක් පමණි. |
||
![]() |
||
ඔබගේ POS පද්ධතියේ මූලික සකසා ගැනීම් | Basic Setup of your POS system |
||
මෙම පද්ධතිය භාවිත කිරීම පිළිබඳ නවතම වැඩිදුර විස්තර විඩියෝ හා තොරතුරු ලිපි මඟින් ඔබ හට ලබා දීමට දිනෙන් දින අළුත්වන ඔන්ලයින් භාවිත අත්පොතක් අප විසින් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමට https://osposguide.kdktec.net යන වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.තවත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් දැන්ම පහත සංනිවේදන ජාළ ඔස්සේ අප අමතන්නFor more information about these systems you can always contact KDKTEC via the following communication channels: |