පුස්තකාල ඉතිහාසය - මහජන පුස්තකාලය වැල්ලවාය
1958-09-06 දින වැල්ලවාය ගම්සභා පුස්තකාලය ආරම්භ කල අතර, එහි පළමු සාමාජිකයා ඩී.එම්.යූ. බණ්ඩාර නැමැති අයයි. ගම්සභා පුස්තකාලය ආරම්භ වන විට එවකට ගම්සභා සභාපති වශයෙන් පුංචි බණ්ඩා මැතිතුමාගේ මැදිහත්වීමෙන් එවකට ගම්සභා සභා ගොඩනැගිල්ලේම කුඩා කාමරයක මහජන පුස්තකාලය ආරම්භ කර ඇති අතර, එසේ පැවති මහජන පුස්තකාලය 2008-06-23 වන දින iii ශ්‍රේණියේ පුස්තකාලයක් බවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ශ්‍රේණිගත කර ඇත.
මෙම පුස්තකාලය වැල්ලවාය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500 ක් මොණරාගල දෙසට වෙන්නට සභා කාර්යාලයට යාබඳව මහජන මහජන පුස්තකාලය පිහිටා ඇත. වැල්ලවාය මහජන පුස්තකාලයේ ශාඛා පුස්තකාල 5 ක් පාලනය වෙයි.
- ඇතිලිවැව ශාඛා පුස්තකාලය
- හඳපානාගල ශාඛා පුස්තකාලය
- ආනපල්ලම ශාඛා පුස්තකාලය
- සියඔලාගුණය ශාඛා පුස්තකාලය
- තෙළුල්ල ජනපදය ශාඛා පුස්තකාලය
අද වන විට පුරනැඟුම ව්‍යාපෘතිය යටතේ පුස්තකාල ජාල ගත වී ප්‍රදේශයේ පාඨක අවශ්‍යතාවයට සරිළන පරිදි නව තාක්ෂණය සමග එක්වී කටයුතු කිරීමට වැඩ කටයුතු ආරම්භ කර ඇත. එසේම අන්තර්ජාලය හා එක් වී මුහුණු පොතටද එක් වී ඇත. එසේම පුස්තකාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටද සමත් වී ඇත.
එහි ඉදිරි පියවරක් ලෙස දෙවන ශ්‍රේණියේ පුස්තකාලයක් බවට 2015-11-03 වන දින පත්වන ලදී.
විවෘත තබන වේළාව
වැල්ලවාය මහජන පුස්තකාලය සතියේ දිනවල පෙ.ව. 7.45 ත් ප.ව. 4.45 ත් අතර පුස්තකාලය විවෘතව තබන අතර, සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව. 8.00 ත් ප.ව. 4.00 ත් අතර පුස්තකාලය විවෘතව තබනු ඇත. සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින පුස්තකාල සේවා අතර ග්රන්ථ බැහැරදීම සිදු නොකරන අතර, පොහොයදින පුස්තකාලය වසා තබනු ලැබේ.
පුස්තකාලය පිළිබඳ විස්තර
පුවත්පත් අංශය
පුවත්පත් අංශය සඳහා පුස්තකාලයේ පුවත්පත් කියවීමට පැමිණෙන දෛනික පාඨක පිරිසට දිනපතා /සතිපතා/කාන්තා/තරුණ/වෛද්‍ය යන පුවත්පත් සිංහල හා ඉංග්‍රිසි පුවත්පත් සපයනු ලැබේ.
පුවත්පත් මිලදී ගැනීම - වැල්ලවාය මහජන පුස්තකාලය
අනු අංකය |
දෛනික පුවත්පත් |
සතිපතා පුවත්පත් |
කාන්තා පුවත්පත් |
ළමා පුවත්පත් |
වෙනත් |
01 |
දිවයින |
සිළුමිණ |
තරුණි |
විජය |
තරුණයා |
02 |
ලංකාදීප |
ඉරිදා ලංකාදීප |
සිරිකත |
මිහිර |
ආරෝග්‍යා |
03 |
ලක්බිම |
ඉරිදා දිවයින |
දියණිය |
විදුසර |
|
04 |
දිණමිණ |
ඉරිදා ලක්බිම |
රැජිණ |
|
|
05 |
අද |
ඉරිදා රිවිර |
|
|
|
06 |
මව්බිම |
ඉරිදා මව්බිම |
|
|
|
07 |
Daily News |
රන්දිව |
|
|
|
08 |
|
Sunday Observer |
|
|
|
- මාසිකව මිලදී ගන්නා පුවත්පත් වර්ග - 25
- මාසිකව මිලදී ගන්නා පුවත්පත් සංඛ්‍යාව - 235 (අවම)
සඟරා අංශය
සාඟරා අංශය පරිශිලනය කරන පාඨකයින් සඳහා වෛද්‍යවරයා, මනස, ඈ, නවයුගය, පරිගණක, ක්‍රීඩා , මනහර යන සගරා ඇති අතර, ESEX MAGAZIN නම් ඉංග්‍රිසි සඟරාව ද ඇත.
සඟරා මිලදී ගැනීම හා පරිත්‍යාග - වැල්ලවාය මහජන පුස්තකාලය
අනු අංකය |
මාසික |
අර්ධ මාසික |
ත්රෙයිමාසික (පරිත්‍යාග) |
01 |
නවයුගය |
ක්‍රීඩා |
EDEX |
02 |
ඈ |
සාම විමර්ශී |
සමබිම |
03 |
වෛද්‍යවරයා |
|
|
04 |
මනහර |
|
|
05 |
පරිගණක |
|
|
06 |
මනස |
|
|
07 |
|
|
ප්‍රලේඛා |
- මාසිකව මිලදී ගන්නා සඟරා වර්ග - 07
- මාසිකව ලැබෙන පරිත්‍යාග සඟරා වර්ග - 03
- අර්ධ මාසිකව මිලදී ගන්නා සඟරා වර්ග - 02
ළමා අංශය
පෙර පාසල් දරුවාගේ සිට සියළු ළමුන් වෙනුවෙන් ග්රන්ථ එකතුව 2500 ග්රන්ථ වර්ගීකරණය කර ඇත.
බැහැරදීමේ අංශය
බැහැරගෙන අංශය භාවිතා කරන පාඨක පිරිසටපරිහරණයට සුදුසු පරිදි ග්රව්ථ එකතුව 11700 කින් යුතු වන අතර, එම ග්රන්ථ වර්ගකර සුචිගතකර පාඨක පිරිසට පරිහරණයට පහසු වන පරිදි සකස්කර ඇත.
විමර්ශන අංශය
මෙම අංශය ඉදිකිරිමේදී පාඩම් කිරිමට පැමිණෙන පාඨකයින් උදෙසා අධ්‍යන කාමර සමඟ කියවීමේ පහසුකම් සහිතව විමර්ශන ග්රන්ථ එකතුව සකස්කර ඇත.
ප්‍රජා තොරතුරු සේවාව
පුස්තකාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව අභියසම ප්‍රජා තොරතුරු ඒකකයත් පිළිගැනීමේ හා පුස්තකාලයේ විස්තර සදහන් ඒකකයක් වෙනම ස්ථානගත කර ඇත.
පුස්තකාල නීතී
ළමා අංශය - අවුරුදු 12 ට අඩු දරුවන් සාමාජිකත්වය ලබාදීම
වැඩිහිටි අංශය- අවුරුදු 12 ත් අවුරුදු 65 ත් අතර වැඩිහිටි සාමාජිතක්වය ලබාදීම.
පුස්තකාලය හා සම්බන්ධ විය හැකි ආකාර
වෙබ් අඩවිය: http://www.wellawaya.ps.gov.lk
ඊමේල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථන අංක:
ඩබ්.එම්.එස්. සුජීවනී (පුස්තකාලාධිපති වැ.බ) - 0715494889
එම්.ඩබ්.ජී. චමරිකා - 0769293609
ලාලනි වික්‍රමාරච්චි - 0711757100